චීන අගමැති ලී ච්‍යං මහතා නිල සංචාරයක නිරත පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif මහතා සමඟ සාකච්ඡා පවත්වයි. ඒ, අද(25) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.
චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, කර්මාන්ත, පතල් කැණීම්, කෘෂිකර්මාන්තය, ජනතාවගේ ජීවනෝපාය සහ මූල්‍ය වැනි ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය පාකිස්ථානය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය. ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම සක්‍රීයව වැඩිදියුණු කිරීම සඳහා පාකිස්ථානයෙන් වඩාත් උසස් තත්ත්වයේ නිෂ්පාදිත ආනයනය කිරීමට සහ ද්විපාර්ශ්වික වෙළඳාම අඛණ්ඩව ව්‍යාප්ත කිරීමට පාකිස්ථානය සමග එක්ව උත්සාහ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියාසිටියේය.
චීනය සමග ආර්ථික කොරිඩෝවේ “2.0 සංස්කරණය” එක්ව ගොඩනැගීම වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පාකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශ කළේය. තම රටේ ආයෝජනය කිරීමට සහ ව්‍යාපාර ආරම්භ කිරීමට චීන ව්‍යවසායන් සාදරයෙන් පිළිගන්නා අතර, ආරක්ෂිත සහ වඩා යහපත් ව්‍යාපාරික පරිසරයක් ලබා දීම සඳහා ඵලදායී පියවර ගනු ඇතැයි ද ඔහු අවධාරණය කර ඇත.