චීන ජනපති ලබන සතියේ උතුරු කොරියාවට


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට සූදානම් වේ.

උතුරු කොරියානු නායක, එරට පාලක කම්කරු පක්ෂ මහ ලේකම් කිම් ජොන් උන් මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම සංචාරයට එක් වනු ඇත.

ඒ අනුව එළඹෙන 08 වැනිදා සිට 09 වැනිදා දක්වා හෙතෙම උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුව අද (05) මේ බව ප්‍රකාශ කර ඇත.