ඇමරිකාව විසින් අත්තනෝමතිකව රඳවා ගනු ලැබූ චීන පුරවැසියන් තිදෙනෙකු ආරක්ෂාකාරීව යළි සිය මව්රටට පැමිණ සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය එසේ ප්‍රකාශ කළේ අද(28) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. චීනය හා ඇමරිකාව තම රටවල්හි රඳවා සිටි සිරකරුවන් කිහිප දෙනෙකු, නිදහස් කර ඇති බව වාර්තාවක සඳහන් වන්නේ යැයි පවසා සිටි එම මාධ්‍යවේදියා, ඒ පිළිබඳව චීන පාර්ශ්වයට තහවුරු කළ හැකි දැයි එහිදී විමසා සිටියේය.
චීන රජයේ නොනැවතුණු උත්සාහයෙන්, ඇමරිකාව විසින් අත්තනෝමතිකව රඳවා ගත් චීන පුරවැසියන් තිදෙනෙකු මව්රටට සුරක්ෂිතව ආපසු පැමිණ සිටින බව මාඕ නිං මහත්මිය පැවසුවාය.
දේශපාලනික අරමුණ ඇතිව චීන පුරවැසියන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් චීනය සැමවිටම විරුද්ධ වේ. සිය පුරවැසියන්ගේ නිත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කිරීම සඳහා චීනය අඛණ්ඩව අනිවාර්ය පියවර ගනු ඇත. වසර ගණනාවකට පෙර ඇමරිකාවට පලා ගොස් සිටි අපරාධකරුවෙකු චීනය වෙත යළි නෙරපා හැරීමට ද ඇමරිකාව මෙවර පියවර ගෙන ඇත. විදේශයන් හි සිටින චීන අපරාධකරුවන් හා විදේශයන්හි ඇති නීතිවිරෝධී වත්කම් ආපසු ලබා ගැනීමට චීන රජය අඛණ්ඩව ක්‍රියා කරනු ඇතැයි ද ඇය මෙහිදී අවධාරණය කළාය.