නොවැම්බර් මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට ලොව සමාගම් සහ ආයතන 620 ක නියෝජනයක් වාර්තා වූ අතර එය පළමු ප්‍රදර්ශනයට සාපේක්ෂව 20% ක වැඩිවීමකි. විදේශීය ප්‍රදර්ශකයන්ගේ අනුපාතය පළමු ප්‍රදර්ශනයේ දී වාර්තා වූ 26%ක අගයේ සිට 32% දක්වා වැඩි වී ඇත. ප්‍රදර්ශනයට එක් වන ‘ලොව විශාලතම ව්‍යවසායන් 500ක’ සංඛ්‍යාව ද පසුගිය ප්‍රදර්ශනයට සාපේක්ෂව 42% කින් වැඩි වී ඇත. විදේශ ව්‍යවසායන් තුළ ඇමරිකානු ව්‍යවසායන් සංඛ්‍යාව ඉහළම අගයක පවතී. එමෙන්ම යුරෝපීය හා ජපාන ව්‍යවසායන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි විය. මෙවර ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය වැඩි වුව ද ප්‍රදර්ශන කුටි සඳහා වූ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කුටි සඳහා ඉඩ වෙන් කරවා ගැනීම පසුගිය වරට සාපේක්ෂව මෙවර ඉතා අසීරු විය. මේ තුළින් කරුණු කිහිපයක්යක් තහවුරුව ඇත.
ඉන් පළමු වැන්න ගෝලීය සැපයුම් දාම තේමා කරගත් ජාතික මට්ටමේ ප්‍රථම ප්‍රදර්ශනය ලෙස චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය, විවිධ රටවලට එකිනෙකා සමග හුවමාරු කර ගත හැකි ගෝලීය පොදු නිෂ්පාදිතයක් බවට පත්ව තිබීමය. මෙම වසරේ චීන පාර්ශ්වය හා විදේශ ව්‍යවසායන් ඒකාබද්ධව ප්‍රදර්ශනයට සහභාගි වීම සුවිශේෂී තත්ත්වයකි. බ්‍රිතාන්‍ය Rio Tinto, ජර්මනියේ Bosch, චීනයේ Baowu සහ Xiaopeng යන සමාගම් හතර ඒකාබද්ධව ස්මාර්ට් මෝථර් රථ දාමය පිළිබඳ ප්‍රදර්ශනයට එක් විය.
මීට අමතරව, ලෝකයේ විශාලතම නිෂ්පාදන රට මෙන්ම විශාලතම භාණ්ඩ වෙළඳාම සහිත රට ලෙස චීනය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ වැදගත් කොටසකි. බ්‍රිතාන්‍ය Rio Tinto සමාගම හා චීන Wuxi boton-tech සමාගම වසර 10 ක සහයෝගිතා පවත්වා ගෙන ඇත. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, බටහිර අප්‍රිකාව හා මොංගෝලියාව යන රටවල සේවාදායකයින්ගේ ඇගයීමට අනුව චීන සමාගම ලබා දුන් ප්‍රවාහන වාහක මාර්ග කැළඹිලි සහිත කාලගුණ තත්ත්වයන් යටතේ වුවද පැය 24 පුරාම ක්‍රියාත්මක කළ හැකිය.
එසේම එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන් අනුව චීනය කර්මාන්ත වර්ග හා අදාළ ආධාරක පහසුකම්වලින් සම්පූර්ණම රටය. ඒ අනුව විදේශ ව්‍යවසායන්ගේ මෙහෙයුම් ඵලදායිතාව කැපිපෙනෙන ලෙස ඉහළ නංවා ගනිමින් ක්‍රියාත්මක කිරීමේ පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව ද ඇත.
ගෙවුණු දශක කිහිපයක් තුළ ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාම සංවර්ධනය, ලෝක ආර්ථිකයේ සීඝ්‍ර සංවර්ධනය පොළඹවා ඇත. ඉදිරියේ දී අස්ථිරභාවයට මුහුණ දීමේදී වඩා ඔරොත්තු දිය හැකි විචිත්‍ර නිෂ්පාදන හා සැපයුම් දාම පෙරට වඩා අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදන සැපයුම් දාමය මගින් ලෝකය සමග අඛණ්ඩව සම්බන්ධතා ඇති චීනය එම දාමය සැබවින්ම “පොදු ජයග්‍රහණ ලබා ගත හැකි දාමයක්” බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
