රජයේ ප්‍රතිපත්ති සහය මත චීනයේ නිෂ්පාදන අංශය නොවැම්බර් මාසයේදී වේගවත් ව්‍යාප්තියක් වාර්තා කළ බව නිල දත්ත පෙන්වා දී ඇත.
චීනයේ නිෂ්පාදන අංශය සඳහා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඔක්තෝබර් මාසයේ 50.1ක අගයට පැමිණ ඇති අතර, එය නොවැම්බර් මාසයේදී 50.3ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
සාමාන්‍යයෙන් අදාළ දර්ශකයේ අගය 50 ට වැඩි කියවීමකින් ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර, 50 ට අඩු කියවීමකින් සංකෝචනය පිළිබිඹු වේ.
චීනයේ නිෂ්පාදන අංශය තුළ වර්ධක සහ පවතින්නා වූ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රමයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ නොවැම්බර් මාසයේදී මෙවැනි වේගවත් ව්‍යාප්තියක් දක්නට වූ බව ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛන පිළිබඳ විශේෂඥ Zhao Qinghe මහතා පැවසීය.