චීනයේ Pinglu ඇළේ නාවික කටයුතු සඳහා පූර්ණ පරීක්ෂණ අදියර අද (3) ආරම්භ කෙරුණා.
කිලෝමීටර් 134.2ක් දිග Pinglu ඇළ බටහිර චීනයේ නව ගොඩබිම්-මුහුදු මාර්ගවල ප්‍රධාන ව්‍යාපෘතියකි. එම ඇළ චීනයේ ගුඅන්ග්ෂී චුඅන්ග් ස්වායත්තයේ Hengzhou නගරයෙන් ආරම්භ වී Beibu බොක්ක වෙත ඇතුළු වේ. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ගංගා සහ මුහුද සම්බන්ධ කරන පළමු ජාතික ඇළ ව්‍යාපෘතිය වන, Pinglu ඇළට ටොන් 5,000 ක යාත්‍රා සඳහා පහසුකම් සැලසිය හැකිය.
ලබන සැප්තැම්බර් මාසයේදී එය ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතය. විවෘත කිරීමෙන් පසු නිරිතදිග චීනෙය් සිට මුහුදට පිවිසීම සඳහා කෙටිම මාර්ගය වන්නේ ද, Pinglu ඇළයි. එමෙන්ම පහසුවෙන්ම මුහුදට ඇතුළු වීමේ මාර්ගය බවට ද එය පත්වනු ඇත.