“තායිවාන බෙදුම්වාදීන්” සමග සම්බන්ධ වීමෙන් අනාගතයක් නොමැති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.
චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te ස්වාසිලන්ත සංචාරයට එක්වීමට පෙර හෝ ඉන් පසු කාලයක දී, තායිවානයේ ඊනියා පාලක පක්ෂය සහ බෙදුම්වාදී පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ස්වාසිලන්තය සඳහා බිලියන 25 ක වටිනාකමින් යුත් නව තායිවාන ඩොලර් ආයෝජනය කළ බව මාධ්‍ය වාර්තා වෙයි. අද (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය ඒ බව පැවසුවාය.
Lai Ching-te පරිපාලනය, “තායිවාන බෙදුම්වාදය” හුවා දක්වමින් ඉන් ලද පෞද්ගලික ප්‍රතිලාභ හඹා යාම සඳහා තායිවාන ජනතාවගේ මුදල් අපතේ යැවීමක් සිදු කරන බව අදාළ වාර්තා නැවත වරක් සනාථ කරන බව Mao Ning මහත්මිය සඳහන් කළාය. එකම චීනය යන මූලධර්මය ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වීය එකඟතාවයක් සහ ජාත්‍යන්තර සබඳතාවන්හි මූලික සම්මතයක් බව ඇය අවධාරණය කළාය. අප්‍රිකානු මහාද්වීපයේ තායිවානය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන එකම රට ලෙස, ස්වාසිලන්තය “තායිවාන බෙදුම්වාදීන්” සමග සම්බන්ධ වීමෙන් සංවර්ධන අවස්ථා අහිමි කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් හුදෙකලා වීමට පමණක් හේතු වන බවත් ඇය පැවසුවාය.