චීන උප අගමැති ලෝක ආර්ථික සංසදයේ 2025 වාර්ෂික සමුළුවට එක් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික සහ උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා ඊයේ(21) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ 2025 වාර්ෂික සමුළුවට එක් විය. “සාධාරණ බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින් විවෘත හා අවබෝධාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් දේශනයක් හෙතෙම එහිදී  පවත්වා ඇත.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන පෙර නොවූවිරූ හදිසි වෙනස්කම් ගෝලීය පරිපාලනයේ ගැඹුරු විපර්යාසයන්ට හේතු වෙමින් පවතී. ජගත් ප්‍රජාව සමගිය සහ සහයෝගිතා පවත්වා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  Ding Xuexiang මහතා උපදෙස් ලබා දුන්නේය.

පොදු ජයග්‍රහණ සහිත ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කළ යුතු ය. සැබෑ බහුපාර්ශ්විකවාදය සහතික කරමින් ස්ථිර ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. ලෝක ආර්ථීක සංවර්ධනයේ නව ගාමක ශක්තිය හා නව ඉහළ ප්‍රමුඛත්වය පොදුවේ බිහි කළ යුතු ය. දේශගුණික විපාර්යාසය, ආහාර සුරක්ෂිතතාවය, බලශක්ති සම්පත් ආරක්ෂාව යන ගෝලීය අභියෝගයන්ට එක්ව මුහුණ දිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊට අමතරව, චීන ආර්ථික ප්‍රවණතාව පිළිබඳව උප අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කර ඇත. අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, අඩු කාබන් භාවිතාවට කඩිනමින් යොමු වීම මෙන්ම ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය අඛණ්ඩව ඉහළ මට්ටමකට නංවා ගැනීම ඊට ඇතුළත් විය.