චීන ජනපති හූලූදාඕ නගරයේ විපතට ලක්වූ ජනතාවගේ සුවදුක් විමසයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 22වනදා පස්වරුවේ දැඩි සීතල මධ්‍යයේ ලියාඕනිං පළාතේ හූලූදාඕ නගරයේ ජූජ්‍යාගෝ ගම්මානයට පැමිණ සිටියේය. පසුගිය වසරේ සිදුවූ ගංවතුර විපතෙන් අනතුරුව එහි සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණයට ඔහු එක් විය. සීතල කාලය උදාවීමට පෙර තම නව නිවෙස් වෙත පැමිණ එහි පදිංචිව සිටින ගම්වැසියන්ගේ සුවදුක් විමසා බැලීමට එක් වූ ජනාධිපතිවරයා එම නිවෙස්වල ගුණාත්මක බව මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව ද විමසා සිටියේය.