2024 වසරේ සමස්ත චීන සේවා වෙළඳ ගනුදෙනුවල ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 7.5ක් බව චීන වාණිජ අමාත්‍යාංශයේ වාර්තා පවසයි. එය වාර්ෂිකව 14.4% කින් වර්ධනය වීමක් වන අතර වාර්තාගත අගයක් පෙන්නුම් කිරීමකි. ඒ අතරතුර, සේවා අපනයනය සියයට 18.2කින් මෙන්ම ආනයන අංශය සියයට 11.8කින් වර්ධනය වී තිබේ.
චීනයේ සේවා වෙළඳ වටිනාකම් ඇ. ඩො. ට්‍රිලියන එක ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව ද මෙය බව චීනයේ වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පර්යේෂණ ආයතනයේ සේවා වෙළඳ ආයතනයේ අධ්‍යක්ෂ ලී ජුන් මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ ගෝලීය ඩිජිටල්කරණය, බුද්ධිකරණය මෙන්ම හරිතකරණය යන ප්‍රවණතා හමුවේ, චීන සේවා වෙළඳාම අඛණ්ඩව පුළුල් වෙමින් එහි ව්‍යුහාත්මක පැවැත්ම යහපත් වෙමින් පවතී. එමෙන්ම චීනයේ සේවා ගනුදෙනු පිළිබඳ ජාත්‍යන්තර තරඟකාරිත්වය ස්ථාවර ලෙස වැඩිදියුණු වෙමින් ප්‍රබල සංවර්ධන විභවයක් ද පෙන්නුම් කර ඇතැයි හෙතෙම සඳහන් කරයි.