9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම ඇරඹේ

චීනයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ නිල විවෘත කිරීම වෙනුවෙන්, ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගෙන යාම හිම නගරය ලෙස හැඳින්වෙන හාර්බින් හිදී අද (03) නිල වශයෙන් ආරම්භ වේ.

ගිනි සිළුව රැගෙන යාමේ කටයුතු භාර විධාන මධ්‍යස්ථානයේ ස්වේච්ඡා කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානී ලී නා මහතා පැවසුවේ, ආසන්න වශයෙන් කිලෝමීටර් 11 ක සමස්ත මාර්ගයක් ආවරණය වන පරිදි දිනක් තුළ පැවැත්වෙන මෙම කටයුත්ත ආරම්භක උත්සවයකින්, සමාප්ති උත්සවයකින් සහ ගිනි සිළුව රැගෙන යන මාර්ගය ඔස්සේ පැවැත්වෙන ප්‍රජා සංදර්ශන කිහිපයකින් ද සමන්විත වන බවයි. 

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන හාර්බින් නගරයේ ස්වාභාවික භූ දර්ශන, සංස්කෘතික උරුමයන් සහ නාගරික චමත්කාරය ප්‍රදර්ශනය කෙරෙන කේන්ද්‍රස්ථාන හරහා මෙම ගිනි සිළුව රැගෙන යාමේ ගමන් මග වැටී ඇත.