චීනය සැමවිටම ජාතික ආරක්ෂාව පුළුල් ලෙස අර්ථකථනය කිරීමට හා අපනයන පාලනය අනිසි ලෙස භාවිත කිරීමට විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව පසුගිය 22 වැනිදා දෘඩාංග තාක්ෂණ පාලන බහුපාර්ශ්වික සහයෝගීතා පනත එනම් MATCH පනත ඇතුළු තවත් අපනයන පාලන පනත් කිහිපයක් සම්මත කර තිබේ. චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ බව පැවසීය.
අදාළ පනත අවසානයේදී ක්‍රියාත්මක වුවහොත්,එය ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ ක්‍රමවේදයට දරුණු ලෙස හානි පමුණුවනු ඇති අතර, ගෝලීය අර්ධසන්නායක කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ස්ථාවරත්වයට ද දරුණු ලෙස බලපෑම් එල්ල කරනු ඇති බව ඔහු පැවසීය. චීනය අදාළ නීති සම්පාදන ක්‍රියාවලිය දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරන අතර, චීනයේ අවශ්‍යතාවන්ට ඇති බලපෑම ඇගයීමට ලක් කරන බව ද ඔහු පැවසීය. එමෙන්ම, චීනය අවශ්‍ය පියවර ගනිමින් චීන ව්‍යාපාරයන්හි නීත්‍යනුකූල හා සාධාරණ අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ ආරක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.