හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කෙරෙන නෞකා ඇමරිකාව විසින් බලහත්කාරයෙන් නතර කිරීම පිළිබඳව චීනය සැලකිලිමත් වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.
ඉරානය දෙසට යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නෞකාවක් ඇමරිකානු හමුදා භාරයට ගෙන ඇති බව පසුගියදා වාර්තා කෙරිණ. අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා ඒ බව පැවසීය.
හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය සංවේදී හා සංකීර්ණ බව ඔහු එහිදී සඳහන් කළේය. එබැවින් අදාළ පාර්ශ්වයන් වගකීම් සහගත ආකල්පයක සිටිමින් සටන් විරාම ගිවිසුමට දැඩිව අනුගතව,ගැටුම් උත්සන්න කිරීම හා තත්ත්වය උග්‍ර වීම වළක්වා,සමුද්‍ර සන්ධියේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි සපයනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.