139 වන චීන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ පළමු අදියරේ ප්‍රදර්ශනය ඊයේ(19) දකුණු චීනයේ Guangzhou නගරයේදී සාර්ථකව අවසන් විය.
පළමු අදියරේ ප්‍රදර්ශනයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් 5 ලක්ෂ 20 දහසක් වූ අතර එහි ප්‍රදර්ශන කුටි ගණන 25000කට වැඩිය. ප්‍රදර්ශනයේදී භාණ්ඩ 7 ලක්ෂ 40 දහසක් ප්‍රදර්ශන කෙරුණු අතර ඉන් විද්‍යුත් යාන්ත්‍රික කර්මාන්තයේ සමාගම්, සමස්ත සමාගම් ප්‍රමාණයෙන් සියයට 92%කට වඩා වැඩි වීම විශේෂත්වයකි. AI ස්මාර්ට් උපකරණ, ඩ්‍රෝන යානා, විදුලි මෝටර් රථ සහ නිරවද්‍ය CNC යන්ත්‍ර ඇතුළු නව නිෂ්පාදන එහිදී ප්‍රදර්ශනය කෙරිණ. අදාළ නවීන කර්මාන්ත පද්ධතියේ නවෝත්පාදන ජයග්‍රහණ එහිදී ප්‍රදර්ශනය කිරීම මගින් චීනයේ නවීන කාර්මික පද්ධතියේ නවෝත්පාදන හැකියාව හා සංවර්ධන ශක්තිය මනා ලෙස පෙන්නුම් කර තිබේ.