එක්සත් ජනපදයේ නව ආර්ථික සහ වෙළඳ කණ්ඩායම් සමඟ සන්නිවේදනයට චීනය විවෘතයි

නව එක්සත් ජනපද පරිපාලනයේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම සමඟ සබඳතා සහ සන්නිවේදනය සඳහා චීනය විවෘත බව වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශකර ඇත.

ඒ බව සඳහන් කරමින් වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadongමහතා මාධ්‍ය හමුවකදී දැනුම් දී ඇත්තේ, දෙපාර්ශවය අතර සන්නිවේදන සහ හුවමාරු යාන්ත්‍රණය සම්බන්ධයෙන් චීනය, එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.

තවද, ඒකපාර්ශවිකව තීරුබදු පැනවීමට නිරන්තර විරුද්ධත්වය ඇතිව,චීනය එක්සත් ජනපදය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය යන මූලධර්ම මත පදනම්ව ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවල ස්ථාවර හා දිගුකාලීන වර්ධනයක් වෙනුවෙන් යොමු වීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.       

කෙසේවෙතත් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කර සිටියේ, එක්සත් ජනපදය ජාතික ආරක්ෂක සංකල්පය ඉක්මවා යාම, වෙළඳපළ ආර්ථිකය සහ සාධාරණ තරඟකාරී මූලධර්ම උල්ලංඝනය කිරීම හා චීනය සහ එක්සත් ජනපදය අතර සාමාන්‍ය ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට මැදිහත් වීම සම්බන්ධයෙන් චීනය දැඩි ලෙස විරුද්ධ බවයි.  

එමෙන්ම, ආර්ථික සහ වෙළඳ ගැටළු ආයුධයක් කර ගනිමින් එය දේශපාලනීකරණය කිරීම ඇමරිකාව නතර කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද, චීන ව්‍යවසායකයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට චීනය සියලු පියවර ගන්නා‍ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.