චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකා-චීන වෙළඳ ජාතික කමිටුවේ 2024වාර්ෂික සැමරුම් රාත්රී භෝජන සංග්රහයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්, කමිටුවට සහ සියලුම සාමාජිකයන්ට මෙන්ම, දිගු කලක් පුරා චීන-ඇමරිකානු ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව ගැන සැලකිලිමත් වූ සහ සහාය දුන් ඇමරිකාවේ ඒ ඒ ක්ෂේත්රවල පුද්ගලයන්ට සිය අවංක සුබ පැතුම් පිරිනැමීය.
හෙතෙම එහිදී පෙන්වා දුන්නේ, චීන-ඇමරිකානු සබඳතා ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතා වලින් එකක් බවයි. මෙම සම්බන්ධතා දෙරටේ ජනතාවගේ යහපතට පමණක් නොව, මානව වර්ගයාගේ අනාගතය හා ඉරණමටද සම්බන්ධ වේ.ඇමරිකාව සමග, සන්නිවේදනය පවත්වා ගනිමින් වෙනස්කම් පාලනය කිරීමටත්, නව යුගයේ දෙරට යහපත් සම්බන්ධතා පැවැත්වීමේ නිවැරදි මාර්ගය අඛණ්ඩව ගවේෂණය කිරීමටත්, චීනය කැමැත්තෙන් සිටින බව, චීන ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
චීනය සැමවිටම බාහිර ලෝකයට විවෘත කිරීමේ මූලික ජාතික ප්රතිපත්තිය අනුගමනය කරන බවත්, ඇමරිකානු සමාගම් ඇතුළු ලොව පුරා සමාගම් සඳහා පළමු පන්තියේ ව්යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරන බවත්, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය. ඇමරිකා-චීන වෙළඳ ජාතික කමිටුව සහ ඒ ඒ ක්රෂේත්රවල මිතුරන් චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි අඛණ්ඩව සැලකිලිමත් වීම සහ සහාය දැක්වීම මෙන්ම, දෙරට අතර සබඳතා තිරසර ලෙස වර්ධනය කිරීම සඳහා නව දායකත්වයන් ලබාදෙනුඇතැයි, තමා බලාපොරොත්තු වන බව ච, ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය.
එම දිනයේම, ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ද මෙම භෝජන සංග්රහයට සුබ පැතුම් ලිපියක් යවා ඇත.