2024 වසරේ චීනය පර්යේෂණ හා සංවර්ධනය සඳහා කළ ආයෝජනය යුවාන් ට්‍රිලියන 3.6 ඉක්මවයි

චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ මූලික ගණනය කිරීම්වලට අනුව, පසුගිය වසරේ චීනයේ පර්යේෂණ හා සංවර්ධන සඳහා ආයෝජනය කළ අරමුදල් ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියන 3.6 ඉක්මවයි. 2023 වසරට සාපේක්ෂව 8.3%කට වැඩි වර්ධනයක් එමගින් පෙන්නුම් කෙරේ. 

පර්යේෂණ හා සංවර්ධන ආයෝජන තීව්‍රතාවය යනු, පර්යේෂණ හා සංවර්ධන අරමුදල් ප්‍රමාණය හා දළ දේශීය නිෂ්පාදිතය සැසඳීමේ අනුපාතයකි. 2024 වසරේ මෙම අනුපාතය 2.68% වූ අතර, එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 0.1% වැඩි වීමකි.