චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලියොනින් පළාතේ Shenyang නගරය නිරීක්ෂණය කරයි. අද (23) පෙරවරුවේ හෙතෙම Shenyangහි Dadong ප්රධාන නොවන ආහාර වෙළඳ සංකීර්ණය සහ Dadong දිස්ත්රික්කයේ Changan ජීවන ප්රජාව නිරීක්ෂණ කළේ ය. වසන්ත උත්සව සමයේ එහි වෙළෙඳපොළ සැපයුම, පුරවැසියන්ගේ ජීවිතය සහතික කිරීම යන තත්ත්වයන් පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී අවධානය යොමු කර තිබේ.



