මෙක්සිකෝවේ සහ කැනඩාවේ නිෂ්පාදිත සඳහා ඇමරිකාවෙන් සියයට 25 ක අතිරේක තීරු බදු

ඇමරිකාව, මෙක්සිකෝවේ සහ කැනඩාවේ නිෂ්පාදිත සඳහා සියයට 25 ක අතිරේක තීරු බදු පනවයි. එම පියවර අද (1) සිට ක්‍රියාත්මක කෙරෙන බව ඇමරිකා‍වේ ධවල මන්දිර ප්‍රකාශිකා Karoline Leavitt ඊයේ (31) ප්‍රකාශ ක‍ළාය.

එම රටවලින් ආනයනය කරනු ලබන චිප, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ඇතුළු නිෂ්පාදිතයන් කෙරෙහි මෙලෙස තීරු බදු පනවන බව ඇමරිකානු ජනාධිපති Donald Trump එදිනම මාධ්‍ය හමුවක දී පැවසීය. ඒ අතරින් ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු සඳහා වන තීරු බදු පෙබරවාරි 18 වැනිදාට පෙර ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.