යුරෝපා කවුන්සිලයේ පළමු සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක්

සංවාදය ඇතිව අවබෝධතා පුළුල් කළ හැකි අතර සංවාදය නැතිව මතභේද උග්‍ර විය හැකි බව යුරෝපා කවුන්සිලයේ පළමු සභාපතිවරයා සඳහන් කරයි. යුරෝපා කවුන්සිලයේ පළමු සභාපතිවරයා වූ බෙල්ජියමේ හිටපු අගමැති Herman Van Rompuy මහතා මේ බව ප්‍රකාශ කළේ චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී ය. වර්තමාන ලෝකය ගැඹුරු පරිවර්තනයකට ලක්ව තිබේ. එහිදී නැගෙනහිර සහ බටහිර ලෝකයන් අතර වෙනස්කම් පවතින බව පිළිගත යුතුය. එවැනි වෙනස් සමාජවල ජීවත් වුවද, සංවාද සන්සුන්ව පැවැත්විය යුතු බව Van Rompuy මහතා සඳහන් කළේය.

“සමගිය” යන සංකල්පය චීන දර්ශනයේ පමණක් නොව යුරෝපීය දර්ශනයේ ද පවතී. මිලියන 11ක ජනගහනයක් වෙසෙන බෙල්ජියම කුඩා රටකි. එහෙත් භාෂා දෙකක් හසුරුවන අතර සංස්කෘතික වෙනස්කම් ද එහි පවතී. “සමගිය” යනු සම්පූර්ණ අනුකූලතාව නොවන බව Van Rompuy මහතා සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. එසේ නම් “සමගිය” පිළිබඳ වැරදි අවබෝධයකි. “වෙනස්කම්” ගරු කරමින් පිළිගත යුතුය. එය, වෙනස් වන අංශ දෙකක් සම්පූර්ණයෙන්ම එකට එක් නොවී, අදහස් හුවමාරු කරමින් යහපැවැත්ම සොයා ගැනීමයි.

චීන සමෘද්ධිය විශ්මයජනක බව හෙතෙම කීය. චීනය සහ යුරෝපා සංගමය අතර පමණක් නොව, ගෝලීය වශයෙන් ද වෙළඳ ගනුදෙනු පුළුල් කළ යුතු යැයි Van Rompuy මහතා පැවසීය. එක් තීරයක් එක් මාවතක් යෝජනාව ඇතුළු වැඩපිළිවෙළ ඒ සඳහා දායක වී සිටී. ලෝක වෙළඳාම සෑම රටකම සමෘද්ධියට අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා වූ චීනයේ දායකත්වය අගය කරන බව ද හෙතෙම අවධාරණය කළේය.