චීන මාධ්‍ය සමූහයේ ‘නවෝත්පාදනය, විවෘතභාවය සහ පොදු සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාද මොස්කව් හා බුඩාපෙස්ට් හිදී

චීන මාධ්‍ය සමූහයේ ‘නවෝත්පාදනය, විවෘතභාවය සහ පොදු සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදයේ රුසියාවේ වැඩසටහන මොස්කව්හිදී පසුගිය 27 වැනිදා පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඒ සඳහා වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කළ අතර රුසියාවේ වැඩ බලන චීන තානාපති Zhang Wei මහතා එහිදී දේශනයක් පැවැත්වීය.

දේශපාලන, ශාස්ත්‍රීය, ව්‍යාපාරික සහ මාධ්‍ය කවවල චීන සහ රුසියානු ආරාධිතයෝ එම අවස්ථාවට එක්වෙමින් සංවා‍දයේ තේමා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරයෙන්, චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් ජයග්‍රාහී සහයෝගීතාවයේ නව ප්‍රවේශයක් නිර්මාණය කරන බව නැවත වරක් ලොවට ප්‍රකාශ කෙරුණු බව Shen Haixiong මහතා දේශන‍ය පළ කරමින් පැවසීය. චීන මාධ්‍ය සමූහය ද හවුල්කරුවන් සමඟ කෘත්‍රිම බුද්ධිය සහ අධිපැහැදිලි තාක්ෂණය ඇතුළු නව ගුණත්මක ඵලදායිතාව සහිත අති නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට පියවර ගනු ඇත. නව යුගයේ චීනයේ නවෝත්පාදන ගම්‍යතාවය ලෝකය සමඟ බෙදා ගැනීමට චීන මාධ්‍ය සමූහය කැප වන බවද Shen Haixiong මහතා පෙන්වා දුන්නේය.

RIA Novosti සහ Russia Today ඇතුළු ප්‍රධාන රුසියානු භාෂා මාධ්‍ය ආයතන මෙම වැඩසටහන වාර්තා කර ඇත. එදිනම, එම සංවාදයේ හංගේරියාවේ වැඩසටහන බුඩාපෙස්ට් හිදී පැවති අතර, බහරේන් රාජ්‍යයේ වැඩසටහන මනාමා හිදී පැවැත්විණ.