විවිධ රටවල් සමග එක්ව අපනයන පාලනය පිළිබඳ සන්නිවේදන තහවුරු කිරීමට චීනය සූදානම්

විවිධ රටවල් සමග එක්ව අපනයන පාලනය පිළිබඳ සංවාද හා අදහස් හුවමාරු තහවුරු කිරීමටත් ගෝලීය වශයෙන් නිෂ්පාදිත සැපයුම් දාමයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සුරැකීමටත් චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේය.

චීනයේ දුර්ලභ ඛනිජ අපනයන පාලන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අදාළ ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවනුයේ තම රටේ අපනයන පාලන පද්ධතිය නිසි අයුරින් පවත්වා ගැනීම සඳහා බවයි. එය ජාත්‍යන්තර නීති-රීති වලට අනුකූල ය. එමගින් චීනය ලෝකයේ සාමය හා කලාපීය ස්ථාවරත්වය වඩාත් මනා ලෙස ආරක්ෂා කරන බවත් නිර්ව්‍යාපත්ත කිරීම ඇතුළු චීනයට පැවරී ඇති ජාත්‍යන්තර වගකීම් හා යුතුකම් අනුගමනය කරන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.