චීන-ඇමරිකානු රාජ්‍ය නායක හමුවේ ධනාත්මක ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමට චීනය සූදානම්

චීන සහ ඇමරිකානු රාජ්‍ය නායකයින් අතර පැවැත්වීමට නියමිත හමුවෙන් ධනාත්මක ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමට චීනය ඇමරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි. අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, එම හමුව පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

චීන-ඇමරිකානු සබඳතාවලදී රාජ්‍ය නායකයාගේ මූලිකත්වයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අත්‍යවශ්‍ය උපායමාර්ගික මඟ පෙන්වන කාර්යභාරයක් ඉටු කරන බව  Guo Jiakun මහතා පැවසීය. මෙම්‍ හමුවේ දී, රාජ්‍ය නායකයින් දෙදෙනා චීන-ඇමරිකා සබඳතාවලට අදාළ උපායමාර්ගික සහ දිගුකාලීන ගැටලු සහ පොදු අවධානයට ලක්විය යුතු ප්‍රධාන ගැටලු පිළිබඳව ගැඹුරු සන්නිවේදනයක් පවත්වනු ඇත. මෙම හමුව චීන-ඇමරිකා සබඳතාවල ස්ථාවර සංවර්ධනයට නව මඟ පෙන්වීමක් සහ නව ජවයක් ලබා දෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.