ඇල්ජීරියාව සමඟ මිත්‍රත්වය වැඩි දියුණු කරමින් සහයෝගීතාව ප්‍රවර්ධනයට චීනය සූදානම්

ඇල්ජීරියාව සමඟ පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියටත් රැගෙන යමින් දෙරට අතර සබඳතාවන් හි වැඩි ජයග්‍රහණ සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතා ප්‍රවර්ධනයට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, ඇල්ජීරියාවේ රාජ්‍ය අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Ahmed Attaf මහතා සමඟ ඊයේ (29) දුරකථන සංවාදයකට එක් ‍වූ අවස්ථාවේදීය.

දෙරටේ නායකයින් විසින් ඇති කරගත් එකඟතාවන්ට අනුව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් එකිනෙකාගේ මූලික අවශ්‍යතාවන්ට සහාය වීමට ඇල්ජීරියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව වැන්ග් යී මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 

මෙහිදී අදහස් දක්වමින් Attaf මහතා පැවසුවේ, චීනය ඇල්ජීරියාවේ වැදගත් වෙළඳ සහ ආයෝජන හවුල්කරුවෙකු බවය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස, චීනය සැබෑ තත්ත්වයන්ට අනුගතව ජාත්‍යන්තර කටයුතුවලදී පවත්වා ගනු ලබන අපක්ෂපාතී ස්ථාවරය ඇල්ජීරියානු පාර්ශ්වය බෙහෙවින් අගය කරන බව ද හෙතෙම සඳහන් කළේය.