2025 ආසියාන් මාධ්‍ය හවුල්කරුවන්ගේ සහයෝගිතා සතිය ඇරඹේ

චීන මාධ්‍ය සමූහය සහ Guangxi Zhuang ජාතික ස්වායත්තයේ රජය ඒකාබද්ධව සංවිධාන කළ 2025 ආසියාන් මාධ්‍ය හවුල්කරුවන්ගේ සහයෝගිතා සතිය පිළිබඳ වැඩසටහන අද (03) චීනයේ Guangxi Zhuang ජාතික ස්වායත්තයේ දී විවෘත කෙරිණ.

ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Khamphanh Pheuyavong මහතා මෙහිදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීය.

චීන මාධ්‍ය සමූහයේ නියෝජිත ප්‍රධාන කර්තෘ Fan Yun මහතා ඇතුළු චීනයේ සහ ආසියාන් රටවල රාජ්‍ය නිලධාරීන්, චීනයේ සිටින තානාපතිවරුන්, මාධ්‍ය නියෝජිතයන් හා විද්වතුන් ඇතුළු 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයක් මෙහිදී දක්නට විය.

‘විවෘතභාවය, සංස්කෘතිය හා නිවහන’ යන තේමාව යටතේ, වඩාත් වැඩි සමීප බවකින් යුත්‍ පොදු ඉරණමක් සහිත චීන-ආසියන් ප්‍රජාව ගොඩනැගීම සඳහා මාධ්‍ය ශක්තිය එකතු කිරීම අරමුණු කර ගනිමින් ගැඹුරු සංවාද පවත්වා සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන් මෙහිදී සාකච්ඡා කරනු ඇත. 

මෙවර 2025 ආසියාන් මාධ්‍ය හවුල්කරුවන්ගේ සහයෝගිතා සතිය පිළිබඳ වැඩසටහන චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය ශක්තිය මගින් චීන- ආසියාන් පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්ව සබඳතාව තහවුරු කිරීම සඳහා සක්‍රීය පියවරක් බව චීන මාධ්‍ය සමූහයේ නියෝජිත ප්‍රධාන සංස්කාරක Fan Yun මහතා එහිදී පවසා ඇත.