චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසීමේ යතුරු Shenzhou 21හි ගගනගාමීන්ට භාර දීමේ උත්සවය අද(4)

Shenzhou 20 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසීමේ යතුරු Shenzhou 21 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම වෙත භාර දීමේ උළෙල අද(4)  පැවැත්විණ.  චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට, Shenzhou 20 අභ්‍යවකාශ යානයේ ‍ගගනගාමී කණ්ඩායම සැලසුම් කළ සියලු මෙහෙයුම් සම්පූර්ණ කර ඇති අතර නොවැම්බර් 5 වනදා Shenzhou 20 අභ්‍යවකාශ යානයෙන් Dongfeng ගොඩබෑමේ ස්ථානයෙන් පෘථිවියට පැමිණීමට නියමිතය.