චීනය සහ ෆීජි රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 50වන සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ෆීජි ජනාධිපති Ratu Naiqama Lalabalavu මහතා සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.
රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවා ගතවූ දශක පහක් තුළ, ජාත්‍යන්තර තත්ත්වයෙහි වෙනස්කම් හමුවේ චීනය සහ ෆීජි රාජ්‍යය සැමවිටම එකිනෙකාට ගරු කරමින්, සමාන ලෙස සලකමින් පොදු ජයග්‍රාහී සහයෝගීතාවය පවත්වා ගෙන යාමට සමත් වූ බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මෑත වසරවල දෙපාර්ශ්වය ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල එක්ව ගොඩනැගීමෙන් ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසී ඇතැයි ද ඔහු කීය. චීන-ෆීජි සබඳතා වර්ධනයට තමා විශාල වැදගත්කමක් දක්වන බවත්, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 50 වන සංවත්සරය අවස්ථාවක් ලෙස ගෙන, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වැඩිදියුණු කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමටත් සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමටත් Ratu Naiqama Lalabalavu ජනාධිපතිවරයා සමඟ ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
අන්‍යෝන්‍ය ගෞරවය, පොදු ප්‍රතිලාභ සහ සාමය හා සමෘද්ධිය සඳහා පොදු අභිලාෂය මත පදනම් ව ෆීජි රාජ්‍යය සහ චීනය අතර සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනගා ඇති බවත් ද්විපාර්ශ්වීය සහයෝගීතාවය අඛණ්ඩව පුළුල් කර ඇති බවත් ෆීජි ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කර තිබේ. ෆීජි-චීන සබඳතා වර්ධනය වඩාත් ගැඹුරු වෙමින්, වැඩි ජීවයක් හා වඩාත් පුළුල් ඉදිරි දැක්මක් එහි පෙන්නුම් කර ඇතැයි තරයේ විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.