තායිවාන ප්‍රදේශය මව්රට සමඟ යළි එක් වීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ වාර්තාගත රූපවාහිනී වැඩසටහනක් විකාශයට

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 18 වන රැස්විමේ දී ඔක්තෝබර් 25 වන දිනය, තායිවාන ප්‍රදේශය මව්රට සමඟ යළි එක් වීම සැමරීමේ දිනය ලෙසට වෙන් කිරීමේ යෝජනාව සම්මත කෙරිණ. මෙම වසරේ යෙදී තිබෙන තායිවාන ප්‍රදේශය මව්රට සමඟ යළි එක් වීමේ 80 වන සංවත්සරය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු කාර්යාලය ඇතුළු ආයතන සමග එක්ව, කොටස් හයකින් සමන්විත වාර්තාගත රූපවාහිනී වැඩසටහනක් විසුරුවා හැර ඇත.

මෙම වාර්තාගත රූපවාහිනී වැඩසටහන සියුම් ඓතිහාසික සාක්ෂි හරහා මෙන් ම විද්වතුන්ගේ හා අදාළ අත්දැකීම් සතු පුද්ගලයන්ගේ විග්‍රහ සමගින් චීන මහා ගොඩබිම සහ තායිවානය අතර පැවතුණු ඓතිහාසික සබැඳියාව ‍පෙන්නුම් කරයි. ජපානය වසර 50ක් තුළ තායිවානය ආක්‍රමණය කර සිය යටත්විතයක් බවට පත් කිරීමේ ව්‍යසනකාරී ක්‍රියාවන් මෙම වැඩසටහන තුළින් අනාවරණය කර තිබේ. එසේ ම, තායිවාන ජනතාව මව්රට වෙත දක්වා ඇති දේශප්‍රේමී ජීවගුණය ද එහිදී පිළිබිඹු කෙරේ. චීනය අනිවාර්යයෙන් ම එක්සත් වනු ඇත යන්න නියත බවත් එය කිසිදු බලවේගයකට අනිසි බලපෑම් එල්ල කළ නොහැකි තත්ත්වයක් බවත් එම වාර්තාගත වැඩසටහනෙන් පෙන්නුම් කෙරේ.