බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ සාර්ථකත්වයට චීනයේ සහාය

බ්‍රසීලයේ Belém නගරයේ පැවති දෙදින දේශගුණික නායක සමුළුව එරට වේලාවෙන් ඊයේ(7) අවසන් විය. මෙම සමුළුවට සහභාගි වූ රටවල නායකයෝ සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීහු එක්ව මෙහිදී “බෙලෙම් ප්‍රකාශනය” නිකුත් කළහ. දේශගුණික විපර්යාස, කුසගින්න සහ දරිද්‍රතාවය උග්‍ර කරන බව එම  බෙලෙම් ප්‍රකාශනයේ සඳහන් කෙරිණ. එබැවින් ඊට අදාළව වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහන කොටස් කෙරෙහි අවධානය යොමු කරමින්, වඩාත් සාධාරණ හා සහභාගිත්ව දේශගුණික ක්‍රියාමාර්ග සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාව මෙම ප්‍රකාශනයෙන් අවධාරණය කර සිටී.

එසේම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ  පාර්ශ්වයන්ගේ 30 වැනි සමුළුව (COP30) ද බ්‍රසීලයේ Belém නගරයේ දී පැවැත්වීමට නියමිත ය. චීන දූත පිරිස එහිදී පෙන්වා දුන්නේ, සියලු පාර්ශ්වයන් සමඟ එක්ව සමුළුවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා එහි සභාපති රට වන බ්‍රසීලයට චීනය සහාය වන බවයි. ගෝලීය හරිත හා අඩු කාබන් පරිවර්තනයක් සඳහා ධනාත්මක සංඥාවක් යැවීමට සහ මනුෂ්‍යත්වයට සහ සොබාදහමට එක්ව සමගියෙන් ජීවත් විය හැකි පිරිසිදු හා සුන්දර ලෝකයක් ඒකාබද්ධව ගොඩනැගීමට චීනය සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරනු ඇතැයි ද චීන දූත පිරිස මෙහිදී සඳහන් කළේය.