චීනයේ 15වැනි ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (9) රාත්‍රියේ Guangdong ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට එක් වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කළ බව ද ප්‍රකාශයට පත් කළේ ය.
මේ අවස්ථාවට ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති ලෙස කටයුතු කරන Thomas Bach මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.
සෑම වසර හතරකට වරක් පැවැත්වෙන චීන ජාතික ක්‍රීඩා උළෙල චීනයේ ප්‍රධානතම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල ද වනවා.
15 වැනි වරට පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටින චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14,000 ක්.
චීන සංස්කෘතිය විදහාලන නැටුම් ගැයුම් ඇතුළු විචිත්‍රවත් අංග රැසකින්ම මෙවර සමාරම්භක උළෙල වර්ණවත් වී තිබුණා.
මේ අතර, මෙම උත්සවය ආරම්භ වීමට පෙර චීන ජනපති ෂී ජින්පිං මහතා සහ ඔලිම්පික් කමිටු සභාපතිනි Kirsty Coventry මහත්මිය සහ එහි ගෞරවනීය සභාපති වන Thomas Bach මහතා ඇතුළු පිරිසකගේ විශේෂ හමුවක් ද සිදුව තිබුණා.
එමෙන්ම 2026-2032 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත සියලු ඔලිම්පික් ක්‍රීඩා තරඟ විකාශය සඳහා වන දිගුකාලීන ප්‍රකාශන හිමිකම් ගිවිසුමකට චීන මාධ්‍ය සමූහය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර චීනයේ Guangzhou නගරයේ දී අත්සන් තැබීම ද ග්වන්ෂු නගරයේ දී සිදු කෙරුණා.