චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය තුළින් චීනය ලෝකය සමඟ සංවර්ධන අවස්ථා බෙදා ගෙන ඇත

ඊයේ (10) දින අවසන් වූ 8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඵලදායී ප්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙවර ප්‍රදර්ශනයේදී ඇමරිකානු ඩොලර් බිලියන 83.49ක පමණ වෙළඳ එකඟාතාවන්ට එළඹ ඇති අතර එය පසුගිය වරට වඩා සියයට 4.4ක වැඩි වීමක් මෙන්ම නව වාර්තාවක් ද පිහිටුවීමකි. එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව නව සමාගම් 600කට වැඩි සංඛ්‍යාවක සහභාගීත්වයක් මෙවර දක්නට වූ අතර, ලොව ප්‍රමුඛතම ව්‍යවසායන් 500ක, සමාගම් 290ක් සහ විවිධ කර්මාන්තවල ප්‍රමුඛ  සමාගම් ද ඒ අතර විය. ප්‍රදර්ශන භූමි ප්‍රමාණය සහ සහභාගී වූ සමස්ත සමාගම් සංඛ්‍යාව ද වාර්තාගත ඉහළම මට්ටම කරා ළඟා විය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය යනු ආනයනය තේමා කරගත් ලොව එකම ප්‍රදර්ශනය වන අතර ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය සඳහා චීනයට වැදගත් වේදිකාවකි.

වත්මන් කාලවකවානුව තුළ බාහිර දෘෂ්ටිකෝණයකින් බැලීම මෙන්ම, ඒකපාර්ශ්විකවාදය සහ ආරක්ෂණවාදය ද ඉහළ යමින් පවතින අතර, වෙළඳපොළ, ගෝලීය වශයෙන් වඩාත්ම හිඟ සම්පත බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට සංවර්ධනය සඳහා දැඩි කැමැත්තක් ඇති අතර ජාත්‍යන්තර ශ්‍රම විභජනය සමඟින් තමන්ටම අනන්‍ය වූ සංවර්ධන ක්‍රමවේදයන් ප්‍රවර්ධනයට ඔවුහු උනන්දු වෙති. මෙම පසුබිම යටතේ, චීනය බාහිර ලෝකයට එහි ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම අඛණ්ඩව සිදු කරමින් යන අතර, ලෝකය වෙත විවෘත වීමේ උත්සාහයන්ට වටිනා ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් ද ඉන් එක් කරයි.

මේ අතර, චීනයට යහපත් අභ්‍යන්තර පරිසරයක් හිමි වේ. එහි ස්වාධීන විවෘතභාවය ක්‍රියාකාරීව පුළුල් කිරීමට චීනයට විශ්වාසය සහ ශක්තිය ඇත. එමෙන්ම ශක්තිමත් ආර්ථික පදනමක් සහ ඊට ඔරොත්තු දීමේ හැකියාව, සංකීර්ණ බාහිර පරිසර තත්ත්වයන්ගේ බලපෑමට ලක් නොවී, ස්වාධීනව විවෘතභාවය ප්‍රවර්ධනය කිරීමට චීනයට හැකියාව ලබා දෙයි.

සුපිරි විශාල වෙළඳපොළක්, සජීවී තාක්ෂණික නවෝත්පාදනයන් සහ අඛණ්ඩව වැඩිදියුණු වන ව්‍යාපාරික පරිසරය සහ බහුපාර්ශ්විකත්වයට දෑත් දිගු කෙරෙන විවෘතභාවය තුළින්,ලෝකය සමඟ සංවර්ධන අවස්ථා බෙදා ගනිමින් චීනයට සැමට විවෘත වේදිකාවක් නිර්මාණය කළ හැකිය.