නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ස්පාඤ්ඤයේ හයවන Felipe රජු වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණ.
අද(12) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්රධානත්වයෙන් එම පිළිගැනීමේ උත්සවය බෙයිජිං අගනුවර පැවැත්විණ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, ඉකුත් 10 වැනිදා චීනයට පැමිණි ස්පාඤ්ඤයේ හයවන Felipe රජු සිට හෙට (13) දින දක්වා නිල සංචාරයේ නිරත වනු ඇත.