චීන උප අගමැති He Lifeng මහතා ඇමරිකා චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුවේ විධායක උප සභාපති Evan Greenberg සහ සභාපති Stephen Orlins යන මහත්වරුන් ඊයේ(12) බෙයිජිංහි දී හමුවිය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන He Lifeng මහතා එහි දී පැවසුවේ චීනය සහ ඇමරිකාව ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව සඳහා පුළුල් ඉඩක් භුක්ති විඳින අතර දෙරට එකම දිශාවට ගමන් කළ යුතු බවයි. රාජ්‍ය නායකයන් දෙදෙනා බූසාන් රැස්වීමේ දී ඇති කර ගත් වැදගත් එකඟතා සහ ප්‍රතිඵල ආරක්ෂා කොට ක්‍රියාත්මක කළ යුතු බවත්, එමඟින් ද්විපාර්ශ්වික ආර්ථික සහ වෙළඳ සබඳතා ස්ථාවර ලෙස සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත් ඔහු පැවසීය.
දෙරට අතර මිත්‍රශීලී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකා චීන සබඳතා පිළිබඳ කමිටුව නව දායකත්වයක් ලබා දෙනු ඇති බව ද He Lifeng මහතා කීය.
දෙරට සබඳතාවන් හි ස්ථාවරත්වය පවත්වා ගැනීම ඉතා වැදගත් බව අවධාරණය කළ ඇමරිකානු පාර්ශ්වය, දෙරට අතර හුවමාරුව සහ සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා පාලමක් ලෙස ක්‍රියා කිරීමට කැමැත්ත පළ කළේය.