ජල සම්පත් අමාත්‍යාංශය සඳහන් කළ පරිදි, චීනයේ ජල සම්පත් සුරැකීමේ කර්මාන්තයෙහි වේගවත් සංවර්ධනයක් පෙන්නුම් කර තිබේ. කෘෂිකාර්මික, කර්මාන්ත සහ නාගරික ජීවිත යනාදී ක්ෂ්‍රේත්‍රයන් හි ප්‍රමුඛ ව්‍යවසායන් රාශියක් ඒ ඔස්සේ බිහි වී ඇති අතර, ජල සුරැකීමේ කාර්මික කලාප මාලාවක් ද ඉදිකර ඇත. එමෙන්ම ජල සුරැකුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ වෙළඳ වටිනාකම් යුවාන් බිලියන 760 ඉක්මවනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර තිබේ. මෙමගින් ජල සම්පත සුරකින සමාජයක් ගොඩනැගීමටත්, ජල සම්පත් සංරක්ෂණය කරමින් එය භාවිතා කිරීම සඳහා මෙන්ම ජල සම්පතෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ප්‍රබල සහායක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.