“ෂී ජින්පිං මහතාගේ නීති පාලන ලේඛන සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම ප්‍රකාශයට පත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ ලේඛන පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරන ලද “ෂී ජින්පිං මහතාගේ නීති පාලන ලේඛන සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම මධ්‍යම සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරින ලදි.

එම ග්‍රන්ථයේ පළමු වෙළුමට වසර 2012 දෙසැම්බර් මාසයේ සිට වසර 2025 පෙබරවාරි මාසය දක්වා නීති පාලනය පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ වැදගත් සහ මූලික කෘති ඇතුලත් වෙයි. වාර්තා, කථා, දේශන සහ උපදෙස් 69ක් එහි අන්තර්ගත වේ. ඇතැම් ලිපි මුල් වරට ප්‍රසිද්ධ කිරීම විශේෂත්වයකි.

“ෂී ජින්පිං මහතාගේ නීති පාලන ලේඛන සංග්‍රහය” ග්‍රන්ථයේ පළමු වෙළුම, සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය සහ සියළු ජනවර්ගවල ජනතාවට, නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය, විශේෂයෙන් ඔහුගේ නීති පාලන සංකල්පය ගැඹුරින් අධ්‍යයනය කිරීම පිළිබඳ පෙළ පොතක් ලෙසට සැලකේ.