ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරේ

ජපන් චිත්‍රපට තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය තීරණය කරයි. 

ආනයනික ජපන් චිත්‍රපටවල පූර්ණ වෙළඳපල ක්‍රියාකාරිත්වය සහ චීන ප්‍රේක්ෂකයින්ගේ හැඟීම් පිළිබඳව තක්සේරු කිරීමෙන් පසු එම තීරණය ගත් බව අදාළ චිත්‍රපට ආනයන හා බෙදා හැරීමේ ආයතන විසින් තහවුරු කර තිබේ. ‘Crayon Shin-chan the Movie:Super Magificent! Scorching Kasukabe Dancers’ හා ‘ Cells at Work!’ යන ජපන් චිත්‍රපට තිරගත කිරීම එලෙස අත්හිටුවා ඇත.

‘Demon Slayer: Kimetsu no Yaiba – The Movie: Infinity Castle’ යන ජපන් චිත්‍රපට චීනයේ තිරගත කිරීමෙන් පසු මුල් කාලයේ බොක්ස් ඔෆිස් ආදායම් ලබා ගැනීමට සමත් විය. එහෙත් ජපාන අගමැතිනිය චීනය හා සම්බන්ධ ව අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමත් සමගම චීන ප්‍රේක්ෂකයන් තුළ දැඩි අප්‍රසාදයක් මතුව තිබේ. ඇගේ එම ප්‍රකෝපකාරී ප්‍රකාශවලින් එල්ල වූ බලපෑම් හේතුවෙන් අදාළ චිත්‍රපටය තිරගත කිරීමෙන් දින 3කට පසු බොක්ස් ඔෆිස් ආදායම කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙන අතර එම චිත්‍රපට සම්බන්ධයෙන් වෙළඳපොලේ පවතින ජනප්‍රියත්වය ද සීග්‍රයෙන් අඩු විය.

ඒ අනුව චීනයේදී තිරගත කිරීමට නියමිත ව ඇති ජපන් චිත්‍රපට සම්බන්ධයෙන් ද චීන ප්‍රේක්ෂකයින් තුළ දැඩි අප්‍රසාදයක් මතුවීම නිසැකය. අදාළ චිත්‍රපට ආනයන හා බෙදාහැරීමේ ආයතන ප්‍රකාශ කළේ වෙළඳපොලේ නීතිරීති අනුව, ප්‍රේක්ෂකයින්ගේ කැමැත්තට ගරු කරමින් එම චිත්‍රපට චීනයේදී තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.