Nature සඟරාවේ ඉහළම පර්යේෂණ නගර ලැයිස්තුවේ ඉහළම ස්ථාන දහයෙන් අඩක් පළමු වරට චීනයට

බ්‍රිතාන්‍යයේ Nature සඟරාවේ නවතම අතිරේකයක් ලෙස “2024 විද්‍යාත්මක පර්යේෂණ නගර දර්ශකය” මෑතකදී නිකුත් කෙරිණ. මෙම දර්ශකය 2024 වසරේදී ලොව පුරා ප්‍රධාන නගරවල විද්‍යාත්මක පර්යේෂණ නිමැවුම් විශ්ලේෂණය කිරීමෙන් ලබාගෙන ඇත.

එම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ චීන නගර ප්‍රමාණය 2023 වසරේදී පහක සිට 2024 වසරේදී හය දක්වා වැඩි වූ බවත්, එමඟින් පළමු වරට ගෝලීය පර්යේෂණ නගර දහයෙන් අඩකට වඩා චීනය නියෝජනය කරන බව ද පෙන්නුම් කෙරේ.

2016 වසරේ සිට ලොව ඉහළම පර්යේෂණ නගරය ලෙස බෙයිජිං සිය ස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යයි. ෂැංහයි නගරය දෙවන ස්ථානයේ රැඳී සිටී. 2023 සහ 2024 අතර කාලය තුළ බෙයිජිං හි විද්‍යාත්මක පර්යේෂණ නිමැවුම වර්ධන අනුපාතය 9% කට වඩා වැඩි වූ අතර ෂැංහයි හි එය 20% කින් පමණ වැඩි විය.

දර්ශකය මගින් නිරීක්ෂණය කරන ලද ප්‍රධාන ක්‍ෂේත්‍ර පහ හරහා විවිධ නගරවල ක්‍රියාකාරිත්වය ද එමගින් විශ්ලේෂණය කර ඇත. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව මෙන්ම භූගෝල හා පාරිසරික විද්‍යාව යන ක්ෂේත්‍රවල ශ්‍රේණිගත කිරීම්වල ද චීන නගර අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී.