චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා අරාබි ලීගයේ මහලේකම් Ahmed Aboul-Gheit මහතා හමු වෙයි. චීන-අරාබි ශිෂ්ටාචාර සංවාදය සඳහා චීනයට පැමිණ සිටින Ahmed මහතා සහ වන්ග් යී මහතා අතර මෙම හමුව සිදු වූයේ ඊයේ (18) බෙයිජිංහිදී ය.
මෙහිදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ අරාබි නායකයින්ගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ චීන-අරාබි රාජ්‍ය සබඳතා වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් ඉතිහාසයේ වඩාත් යහපත් කාල පරිච්ඡේදයට පිවිස ඇති බව ය.
අරාබි රාජ්‍යයන් හි ජාතික තත්ත්වයන්ට ගැළපෙන්නා වූ සංවර්ධන මාර්ග වෙත පිවිසීම සඳහා පවතින බාහිර මැදිහත්වීම් ඉවත් කිරීමට මෙන්ම එම රටවල අනාගතය තීරණය කිරීම සඳහා ඔවුන්ගේ උපායමාර්ගික ස්වාධීනත්වය වැඩි දියුණු කිරීමට සහ එකමුතුකම හා ශක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාත් චීනය ස්ථිරවම සහාය දක්වන බව හෙතෙම මෙහිදී පැවසීය.
එමෙන්ම චීනය සහ අරාබි රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ලබන වසරට යෙදී ඇති බවත්, දෙවන චීන-අරාබි රාජ්‍ය සමුළුව චීනයේ පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එම සමුළුව අවස්ථාවක් කර ගැනීමට චීනය සූදානම් බව ද වන්ග් යී මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දත්වමින් Ahmed Aboul-Gheit මහතා සඳහන් කළේ, පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් යුක්තිය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම සඳහා චීනය දැක් වූ මනා දායකත්වය අරාබි ලීගය ඉතා අගය කරන බවයි. එමෙන්ම එම ගැටලුවට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමය තුළ චීනය ඉදිරියටත් ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. එමෙන්ම බහුපාර්ශ්විකත්වය සඳහා චීනයේ කැපවීම අගය කරන අරාබි ලීගය, ලෝක සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද සූදානම් බව මෙහිදී සඳහන් විය.
