චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත ටොංගා රාජ්‍යයේ හයවන Tupou රජු හමු වෙයි. එම හමුව ඊයේ (25) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
චීනය හා ටොංගා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු දෙපාර්ශ්වයේ කේන්ද්‍රීය ජයග්‍රහණ හා අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කෙරෙහි දෙරට සැමවිටම අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දෙමින් ප්‍රායෝගික සහයෝගිතා මගින් සාර්ථක ජයග්‍රහණ ලබා ගෙන ඇත. දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය අඛණ්ඩව තහවුරු කර ඇතැයිද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. එකිනෙකට වෙනස් සමාජ පද්ධති සහිත විශාල හා කුඩා රටවල් සහයෝගීතාවයේ ආදර්ශයක් බවට පත්ව ඇති බවද හෙතෙම පැවසීය. ටොංගා රජය සමග එක්ව උපායමාර්ගික සහයෝගිතා පවත්වා වෙළඳ ආයෝජන, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, යටිතල පහසුකම්, පිරිසිදු බලශක්ති සම්පත් යන ක්ෂේත්රයන් හි සහයෝගීතා පුළුල් කරමින් අධ්‍යාපන, ක්‍රීඩා, තරුණ කටයුතු, මාධ්‍ය සහ ප්‍රාදේශීය කටයුතු යන ක්ෂේත්‍ර තුළ හුවමාරු තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. දකුණු-දකුණු සහයෝගීතාවයේ රාමුව තුළ ටොංගා හි ආර්ථික සමාජීය සංවර්ධනයට චීනය අඛණ්ඩව සහාය ලබා දෙනු ඇතැයිද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
මීට අමතරව, ටොංගා රජය සමග එක්ව ගෝලීය මුලපිරුම් හතර ක්‍රියාත්මක කරමින් දෙරටේ ජනතාව සඳහා වඩාත් යහපත් ජීවිතයක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීන-පැසිෆික් දූපත් රටවල් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් පොදුවේ ගොඩනැගීම මගින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට ගෙන යාම සඳහා ටොංගා රජය සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බවද ෂී ජින්පිං මහතා පවසා ඇත.
ටොංගා රජය සැමවිටම චීනය සමඟ සම්බන්ධතාව වැදගත් කොට සලකන බව හයවන Tupou රජු පැවසීය. එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන ටොංගා රජය සියලු ආකාරයේ “තායිවාන බෙදුම්වාදී ක්‍රියාවන්ට” විරෝධය ද පළ කරයි. ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර සඳහා අනුබල දෙන ටොංගා රජය, චීනය සමග හුවමාරු හා සම්බන්ධීකරණය ශක්තිමත් කර දේශගුණික විපාර්යාස වැනි ගෝලීය තර්ජනයන් වෙත පොදුවේ මුහුණ දීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද හයවන Tupou රජු එහිදී සඳහන් කළේය.
අනතරුව, හයවන Tupou රජුගේ මෙවර චීනයේ නිල සංචාරයේ, චීන මහජන සමූහාණ්ඩුව සහ ටොංගා රජය අතර ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණ.
