චීන මුදල් ඒකකය වන රෙන්මින්බි (RMB) භාවිතය සහ ආයෝජනය සඳහා සහාය වීමට පාකිස්ථානය පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කර ඇති බව පාකිස්ථාන රාජ්‍ය බැංකුව (SBP) පවසයි.
පාකිස්ථානය තුළ රෙන්මින්බි ජාත්‍යන්තරකරණය හෙවත් එහි භාවිතය ව්‍යාප්ත කිරීමට අදාළ පහසුකම් සැලසීමේ කටයුතු ඇරඹීමේ 10 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් කරච්චි හි පැවති උත්සවයක් අමතමින් පාකිස්ථාන රාජ්‍ය බැංකුවේ විධායක අධ්‍යක්ෂ මුහම්මද් මලික් මහතා මේ බව පැවසීය.
පාකිස්ථානයේ රෙන්මින්බි නිෂ්කාශන මූල්‍ය ආයතනය ලෙස සේවා සපයනු ලබන චීන කාර්මික හා වාණිජ බැංකුවේ (ICBC) කරච්චි ශාඛාව විසින් මෙම උත්සවය පවත්වන ලදී.
රෙන්මින්බි (RMB) මුදල් ඒකකය සඳහා පාකිස්ථානය තුළ විශාල විභවයක් ඇති බවත්, සියලු පාර්ශ්වකරුවන්ට ඉන් තවදුරටත් ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් හෙතෙම මෙහිදී පැවසූ අතර, දැනටමත් රෙන්මින්බි භාවිතය සහ ආයෝජනය සඳහා රට තුළ යහපත් නියාමන පද්ධතියක් ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම රෙන්මින්බි මුදල් භාවිතය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය, නිෂ්කාශන සහ පියවීම් ධාරිතාව ශක්තිමත් කිරීම, දේශීය ව්‍යවසායන් සහ මූල්‍ය ආයතන රෙන්මින්බි සමඟ ගනුදෙනු පැවැත්වීමේ වාසිදායී තත්ත්වයන් යනාදිය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සහතික කිරීම සඳහා පාකිස්ථාන රාජ්‍ය බැංකුව බහුවිධ මුලපිරීම් දියත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.