ජපානයේ සිටින චීන ජාතිකයන්ගේ සහ ජපානයේ චීන ආයතනයන්හි ආරක්ෂාව සහතික කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලයි. ජපානයේ සිටින චීන ජාතිකයන් ඉලක්ක කර සිදු කළ අපරාධ සිද්ධීන් පිළිබඳව මේ දිනවල බහුලව වාර්තා වී තිබේ. ජපානයේ චීන තානාපති කාර්යාලය හා කොන්සල් කාර්යාල රැසකට එරෙහිව ජපාන දක්ෂිණාංශිකයන් නන් අයුරින් හිරිහැර කර ඇතැයි ද වාර්තා වෙයි. එසේ ම චීනය පිළිබඳ අන්තවාදී තර්ජනාත්මක මතයන් බොහොමයක් ජපානයේ අන්තර්ජාල තුළ පළ වී ඇත. මේ සම්බන්ධයෙන් චීන රජය දැඩි සැලකිල්ලෙන් පසු වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියා ය. ජපානයේ සිටින චීන ජාතිකයන්ගේ සහ ජපානයේ චීන ආයතනයන්හි ආරක්ෂාව සහතික කරන ලෙස ඇය එහිදී ජපාන රජයෙන් ඉල්ලීමක් ද කළා ය.