චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (28) රැස්වීමක් පැවැත්විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාව, පළාත් මට්ටමෙන් (ස්වයාත්තය සහ මධ්‍යම රජයේ සෘජු පරිපාලන නගර) විනය නිරීක්ෂණ කටයුතු පිළිබඳ වර්තාව සමාලෝචනය කර ඇත.
ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අදාළ විනය නිරීක්ෂණ කටයුතු ඉතා වැදගත් කොට සලකන බව එහිදී සඳහන් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ 5 වන හා 6 වන විනය නිරීක්ෂණ සැලසුම් කර ඇති අතර අදාළ කටයුතු චීනයේ සියළු පළාත්, ස්වායත්ත හා නගර ආවරණය කළ බව එහිදී අවධාරණය කර ඇත.
ඒ ඒ පළාත්, ස්වායත්ත හා නගරවල චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු , ෂී ජින්පිං මහතාගේ නව යුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය ගැඹුරින් අධ්‍යයනය කරමින් සිය ප්‍රදේශයන්ට පැවරී ඇති උපායමාර්ගික කාර්යභාරයන් අවබෝධ කර ගත යුතු බව එහිදී අවධාරණය කර ඇත. එමෙන්ම එම පක්ෂ කමිටු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිකුත් කළ වැදගත් තීරණ හා සැලසුම් සැබවින්ම ක්‍රියාත්මක කිරීම මෙන්ම සිය දේශපාලන කාර්යභාරයන් පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද එහිදී අවධාරණය කර ඇත. ඊට අමතරව, පක්ෂයේ දැඩි පාලනය තවදුරටත් ඉදිරියට ගෙන යන අතර නිලධාරීන් කණ්ඩායම් ශක්තිමත් කළ යුතු යැයි ද එම සමුළුවේදී සාකච්ඡාවට ලක් ව ඇත.