චීනයේ නිෂ්පාදන අංශය සඳහා මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) නොවැම්බර් මාසයේදී 49.2ක අගයක් වාර්තා කරයි. එය ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 0.2%ක ඉහළ යාමක් බව නවතම නිල දත්ත ඇසුරින් පෙන්නුම් කෙරේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, නොවැම්බර් මාසය තුළ චීනයේ නිෂ්පාදනය සහ ඉල්ලුම යන අංශ දෙකෙහිම දියුණුවක් පෙන්නුම් කර ඇති බවය.
තවද, කුඩා ව්‍යවසායන් සඳහා වන PMI අගයෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබෙන අතර එය 49.1ක් ලෙස පෙන්නුම් කර ඇත. එය ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2%ක ඉහළ යාමක් වන අතර, මාස හයක් තුළ ඉහළම අගයට ළඟා වීමකි.
එමෙන්ම NBS වාර්තාවන්ට අනුව මෙම කාලය තුළ අධි තාක්ෂණික නිෂ්පාදනය අඛණ්ඩව ප්‍රසාරණය වී ඇති අතර, වෙළඳපල අපේක්ෂාවන් හි සුළු ඉහළ යාමේ ප්‍රවණතාවක් සමඟ ස්ථාවරව පැවතීමක් ද පෙන්නුම් කර ඇත.