චිලී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ José Antonio Kast මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(22) සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේය.
චීන මහජන සමූහාණ්ඩුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු දකුණු ඇමරිකානු රාජ්‍යය, චිලී ජනරජය බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ය. දෙරට සැමවිටම අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගිතාව පවත්වා ගනිමින් විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගිකව ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. චීන-චිලී සබඳතා වර්ධනය සඳහා තමා ඉතා වැදගත් බවක් ලබා දෙන බව ඔහු පවසයි. දෙරටෙහි ජනතාවට වඩා යහපත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් චීන-චිලී විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව නව පියවරක් දක්වා ප්‍රවර්ධනය සඳහා නව ජනපති ලෙස තේරී පත් වූ José Antonio Kast මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කර ඇත.