2025 වසර, චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අවසාන වසර සහ 15 වන පස් අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීමේ වසරයි. මේ අතර මෙම වසර චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් චීන මාදිලියේ නවීකරණයේ ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සිදු කළ තීරණාත්මක වසරකි.
මෙම වසරේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජනතාව කෙරෙහි සිය හෘදයාංගම බවින් යුතුව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින්, ඔහුගේ නොපසුබට උත්සාහය අඛණ්ඩව පෙන්නුම් කර ඇත.
රට පුරා ගම්මාන, පුරාණ නගර සහ පලතුරු වගා බිම් යනාදී ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවලදී, ෂී ජින් පිං මහතා ජනතාව සමග ඔවුන්ගේ දෛනික ජීවිතය සම්බන්ධයෙන් විමසා සිටි අතර උපන්ගමේ සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය. එමෙන්ම ඔහු වැදගත් රැස්වීම් මාලාවක මුලසුන දැරීය. කර්මාන්ත ශාලා සහ විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන සමාගම් නිරීක්ෂණය කළේය. ඔහු චීන මාදිලියේ නවීකරණය පිළිබඳව නව අදහස්, සංකල්ප සහ නිගමන මාලාවක් ඉදිරිපත් කළේය. Lijiang පුරාණ නගරයේ පිහිටි සුදු අශ්ව පන්සල, බෙයිජිංහි පිහිටි අධිරාජ්‍ය මාලිගා කෞතුකාගාරය ඇතුළු විප්ලවීය ස්ථාන වෙත සංචාර කළේය. එහිදී චීනයේ සමස්ත සමාජය සංස්කෘතික සම්ප්‍රදායන් උරුම කර ගනිමින් සංස්කෘතික දැනුවත්භාවයේ පදනම ශක්තිමත් කර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මෙම වසරේ සැප්තැම්බර් 3 වන දින, ටියැන්අන්මන් චතුරශ්‍රයේ පැවති ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80වැනි සංවත්සර අනුස්මරණ උත්සවයේදී, ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, චීන ජාතියේ මහා පුනර්ජීවනය කිසිදා නතර කළ නොහැකි බවය.
Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට සහ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පිහිටුවීමේ 70 වන සංවත්සර සැමරුම් උත්සවයට ෂී ජින් පිං ජනාධිපතිවරයා ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස එක් වූහ. ඒ චීන ජාතික ප්‍රජාව යන චින්තනය ශක්තිමත් කොට නව යුගයේ පක්ෂයේ ජනවාර්ගික කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මාර්ගය පෙන්වා දෙමිනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසිවාරය “ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා 15 වන පස් අවුරුදු සැලැස්ම සකස් කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ යෝජනාව” සමාලෝචනය කර සම්මත කළේය. ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ සම්පූර්ණ කරන ලද මෙම ඓතිහාසික වශයෙන් වැදගත් වන ලියවිල්ල, නව ගමනේ තීරණාත්මක වසර පහ සඳහා මනා ඉදිරි දර්ශනයක් සපයා තිබේ.
නව වසරේ, සමස්ත ජනතාව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, මෙම විශිෂ්ට සැලැස්ම යථාර්ථයක් බවට පත් කිරීමට අඛණ්ඩව කැප වනු ඇත.