දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myung මහතා සිය චීන සංචාරය අරඹයි. අද (4) පස්වරුවේ ඔහු බෙයිජිං අගනුවරට පැමිණ සිව්දින සංචාරය ආරම්භ කළේ ය. මෙය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු Lee Jae Myung මහතාගේ පළමු චීන සංචාරය වීම විශේෂත්වයකි. දකුණු කොරියානු ජනාධිපතිවරයා සමග එරට ව්‍යවසායකයින් 200කට වැඩි පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.
සැපයුම් ජාල ආයෝජනය, ඩිජිටල් ආර්ථිකය, පරිසර හා දේශගුණ විපර්යාස, සංචාරක හා අන්තර්ජාතික අපරාධ මර්දනය ඇතුළු ක්ෂේත්‍රයන්හි චීනය හා දකුණු කොරියාව සහයෝගිතාව පැවැත්වීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා චීනයේ රැඳී සිටින කාලයේ දෙපාර්ශ්වය සාකච්ඡා පවත්වනු ඇත.