අද(4) දිනය වන විට, චීනයේ මැයි දින නිවාඩු කාලයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් වටිනාකම(පූර්ව අලෙවිය ඇතුළුව) චීන යුවාන් මිලියන 600 ඉක්මවයි. එමෙන්ම චිත්‍රපට තිරගත කිරීම් මිලියන 2.331 ක් ද විය.
දත්තවලට අනුව, 2026 වසරේ මුල සිට මේ වන විට චීනයේ සමස්ත බෝක්ස් ඔෆිස් වටිනාකම (පූර්ව අලෙවිය ඇතුළුව) චීන යුවාන් බිලියන 13.5 ඉක්මවා ගොස් ඇත.
පසුගිය අප්‍රේල් 30 වැනිදා චීනයේ සාමාන්‍ය සිනමා ටිකට්පතක මිල චීන යුවාන් 36.8ක් වූ අතර එය මෑත වසර හතරකට ආසන්න කාලයක් තුළ පැවති අඩුම අගයයි. මැයි දින නිවාඩු සමයේ චිත්‍රපට උණුසුමත් සමග චීනයේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සහ ආහාර ව්‍යාපාරය ඇතුළු ආශ්‍රිත කර්මාන්ත ආදායම චීන යුවාන් බිලියන 7.8ක් බව ද වාර්තා වේ.