ඇමරිකාව තායිවානය වෙත අවි අලෙවියට එරෙහි චීන ස්ථාවරයේ කිසිදු වෙනසක නොවන බව යළි අවධාරණය කෙරේ

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි විකිණීමට එරෙහි චීනයේ ස්ථාවරය පෙර මෙන්ම ස්ථීර සහ පැහැදිලි බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි. අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, චීන-ඇමරිකානු සබඳතා සහ තායිවාන ප්‍රශ්නය පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ චීන සංචාරයේදී දෙරටේ නායකයින් දෙදෙනා චීන-ඇමරිකානු සබඳතා මෙන්ම ලෝක සාමය සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනු ඇතැයි ඔහු පැවසීය.