23 වන Shangri-La සංවාදය මෑතකදී සිංගප්පූරුවේදී අවසන් විය. ගෝලීය ආරක්ෂාව වර්තමානයේ ප්‍රමුඛ අභියෝග හතරකට මුහුණ දී සිටින බව එහිදී සඳහන් කෙරිණ. එනම් ‘කලාපීය ආරක්ෂාවට බලපාන ආධිපත්‍යවාදය’, ‘ගෝලීය න්‍යෂ්ටික ගැටුමේ වැඩිවන අවදානම’, ‘ජාත්‍යන්තර අවි පාලනය, නිරායුධකරණය සහ න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත පද්ධතියේ බරපතල ඛාදනය’ මෙන්ම ‘ගෝලීය පාලනයේ දරුණු අක්‍රමිකතා’ බව සංවාදයේ සැසියකදී චීන නියෝජිතයා පෙන්වා දුන්නේය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් පිළිබඳ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙසත් උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳ සිය නිසි වගකීම භාරගෙන ක්‍රියා කරන ලෙසත් ඔහු එහිදී ප්‍රධාන රටවලින් ඉල්ලා සිටියේය.
වර්තමානයේ, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර තත්ත්වයන්හි සංකීර්ණම හා ගැඹුරුම වෙනස්කම් සිදු වෙමින් පවනින නමුත්, ඇතැම් රටවල්, කණ්ඩායම් අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ කරමින් සිටී. Shangri-La සංවාදයට පෙර, ජපානය සහ පිලිපීනය ‘හමුදා තොරතුරු ආරක්ෂක ගිවිසුම’ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කළේය. ජපානයේ ඉහලම පන්තියේ විනාශකාරී යුද නෞකා අපනයනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානය නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමක් ද පැවැත්වීය. මෙවර Shangri-La සංවාදය අතරතුර ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඊනියා “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්” සංකල්පයේ නව අනුවාදය ප්‍රවර්ධනය කර ඇත. සිය ඒකාධිකාරී ආරක්ෂක-නැඹුරු ප්‍රතිපත්තිය යන මූලධර්මය බිඳ දමමින් කලාපීය ආරක්ෂක සමතුලිතතාවය කඩාකප්පල් කිරීමේ සහ පශ්චාත් යුධ පිළිවෙලට අභියෝග කිරීමේ ජපානයේ අභිලාෂය ඉන් තවදුරටත් පෙන්නුම් කෙරිණ. ඊට ප්‍රතිචාර වශයෙන්, චීන නියෝජිත කණ්ඩායම එම ස්ථානයේදීම ජපානයේ සැබෑ අරමුණ හෙළි කරමින්, දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල සහ පශ්චාත් යුධ පිළිවෙල ස්ථිරව තහවුරු කිරීමේ සාධාරණ ස්ථාවරය විදහා පෑහ.
පිලිපීනය ද නොසන්සුන්තාවය ඇති කරමින් සිටියි. පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයා Shangri-La සංවාදයේදී නැවතත් නීති විරෝධී දකුණු චීන මුහුදේ බේරුම්කරණ නඩුව මතු කළ අතර, කලාපීය ආතතීන් උග්‍ර කරමින් විවෘතව අසමගිය ඇති කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, චීනය දකුණු චීන මුහුදේ ගැටලුව සම්බන්ධයෙන් පිලිපීන රජයේ ප්‍රකාශ සහ ක්‍රියාවන් අතර පරස්පර බව සම්බන්ධයෙන් තාර්කිකබවෙන් යුතුව සාක්ෂි ද සහිතව ප්‍රශ්න කළේය. පිලිපීන නියෝජිතයා නොගැළපෙන සේ චීන පාර්ශ්වයේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූ අතර, බාහිර නිරීක්ෂකයින් විසින් “හේතු විරහිත කතාවක්” පමණක් සිදු කළ බවට අදහස් කරන ලදී.
කෙසේ වුවද Shangri-La සංවාදයේදී චීනය දැක්වූ සිය සාමය සහ සුරක්ෂිතතාව පිළිබඳ ස්ථාවරය නොවෙනස්ව පවතී. ගෝලීය මුලපිරුම් හතර ඉදිරිපත් කිරීම, ප්‍රධාන රටවල් අතර සබඳතාවල උපායමාර්ගික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වේදිකාවේදී “ආධිපත්‍යයට විරුද්ධ වීම, යුක්තිය ආරක්ෂා කිරීම සහ නිවැරදි මාවත අනුගමනය කිරීම” පිළිබඳ හඬ යළියළිත් ප්‍රකාශ කිරීම යනාදිය තුළින්, චීනය සැබවින්ම ආසියා-පැසිෆික් කලාපයේ සහ ලෝකයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ස්ථාවර බලවේගයක් බව සනාථ වී තිබේ.