සන්නිවේදන තාක්ෂණය සඳහා වන අංක 24 දරන අත්හදා බැලීමේ චන්ද්‍රිකාව චීනය අභ්‍යවකාශගත කරයි. ඒ, අද (27) අලුයම 0:16ට දකුණු චීනයේ Hainan පළාතේ පිහිටි Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට CZ-7A ප්‍රවාහන රොකට්ටුවේ ආධාරයෙනි.
එම චන්ද්‍රිකාව අපේක්ෂිත කක්ෂය වෙත පිවිසීමෙන් එහි සාර්ථකත්වය පෙන්නුම් කර ඇත. බහු-බෑන්ඩ්, අධිවේගී චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය සත්‍යාපනය කිරීම එහි ප්‍රධාන අරමුණය.
මෙය, CZ, එනම් Long March ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් සිදු කළ 645 වන පියාසැරි මෙහෙයුමයි.